විගමනික ශ්‍රමිකයන්ගේ අපහසුතා සොයා බලයි
විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේදී සිදුවන අපහසුතා පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පසුගියදා කටුනායක බණ්ෙඩාරනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
එහිදී ඇය විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන් වෙනුවෙන් කාර්යාංශය ලබාදෙන පහසුකම් හා සේවාවන් නිරීක්ෂණය කළාය. එම ස්ථානයට රැස්වූ මාධ්‍ය‘වේදීන්ට අමාත්‍යවරිය සඳහන් කළේ, විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන් මෙම ස්ථානයෙන් පරීක්ෂා කරන අතර, එහිදී ඔවුන්ට ලබාදෙන පහසුකම් හා සේවා තමා නිරීක්ෂණ කළ බවයි.
අමාත්‍යවරිය පසුව කටුනායක මංසන්ධියේ පිහිටි, කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානයේද නිරීක්ෂණ චාරිකාවක නිරතවූවාය.
මෙම නිරීක්ෂණ චාරිකාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ, කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

