කොටස් වෙළෙඳපොළ ආරම්භක සීනුව මහජන බැංකුව නාද කරයි
මහජන බැංකුව, සිය People's Pay - Mobile wallet app යෙදවුම හරහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, ආයෝජන හා බැංකු කටයුතු සිදු කිරීමේ පහසුකම් සැලසීමට Lanka Securities (Pvt) Ltd (LSL) සමඟ අත්වැල් බැඳ ගැනිම සනිටුවහන් කරමින් කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳ පොළ ආරම්භක සීනුව (Market opening bell) නාදකිරීමට පසුගියදා කටයුතු කළ බව නිවේදනය කරයි.
දේශීය වෙළෙඳපොළ තුළ ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යන ද්විත්වයම එකම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව සිදුකිරීමේ හැකියාව ලැබෙන අතර, ඒ අනුව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, ආයෝජන හා සියලු බැංකු කටයුතු සිදුකිරීමේ පහසුකම් සැලසේ. මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ, ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, වැඩබලන අධ්යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න, මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, ප්රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක, ප්රධාන නියාමන නිලධාරිනී නිලුපා පෙරේරා, Lanka Securities (Pvt) Ltd හි ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ කෝසල ගමගේ යන මහත්ම මහත්මින්, බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය, බැංකු හා ප්රාග්ධන වෙළෙඳපොළේ පුමුඛයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ නිලධාරින් සහභාගි වූහ.
මේ පිළිබඳ අදහස් දැක් වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණයන්ගොඩ මහතා, ඩිජිටල් බැංකු කරණය හා නව්යකරණය තුළින් ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතියට සහාය වීමට මහජන බැංකුව කැපවී සිටින බව පවසා සිටියේය. රජයේ ඩිජිටල්කරණ න්යාය පත්රයට සමගාමීවද සිදුකරන මෙම මුලපිරීම තුළින් බැංකු සහ ආයෝජන සේවා එකම වේදිකාවක් මතට ගෙනඑන අතර, මේ ඔස්සේ මූල්ය කටයුතු සඳහා ප්රවේශවීම පුළුල් වනු ඇති අතර, මූල්ය අන්තර්ගත කරණයද වර්ධනය වනු ඇති බව සඳහන් කළේය.
මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී/ සාමාන්යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, ඩිජිටල් බැංකුකරණ පහසුකම් මහජනතාව වෙත ගෙන යාම සඳහා සිය බැංකුව නිරන්තරයෙන්ම කටයුතු කරන බව පවසා සිටියේය. මෙම මුලපිරිමත් මෙම ඩිජිටල්කරණ ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවත්, Lanka Securities (Pvt) Ltd (LSL) සමඟ එක්ව හඳුන්වා දෙන මෙම පහසුකම තුළින් ගනුදෙනුකාර පහසුව වැඩි දියුණු වන අතර, බාධාවකින් තොරව, ඒකාබද්ධ ඩිජිටල් අත්දැකීමක් හරහා ආයෝජන අවස්ථා සඳහා පුළුල් ප්රවේශයක් නිර්මාණය වනු නිසැක බවද සඳහන් කළේය.
කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා අදහස් දක්වමින්, ප්රාග්ධන වෙළෙඳපොළේ පාර්ශ්වකරුවන් අතර ඇතිවන සහයෝගිතාවයන් තුළින් ලැබෙන ධනාත්මක ප්රතිඵල පිළිබඳ මෙය හොඳ නිදසුනක් බව පවසා සිටියේය. පුළුල් සහභාගීත්වය වෙළෙඳපොළ ද්රවශීලතාවය වර්ධනය කරන අතර, වැඩි ඉතුරුම් ඵලදායී ආයෝජනය බවට පත්වන බවද සඳහන් කළේය. අවසන් වශයෙන් එය ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනයට හේතුවත් බවත්, මේ වෙනුවෙන් ඔවුන් මහජන බැංකුවට සහ Lanka Securities ආයතනයට සුබ පැතුම් එක්කරන බවත් පවසා සිටියේය.
Lanka Securities (Pvt) Ltd හි ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ කෝසල ගමගේ මහතා අදහස් දක්වමින්, මහජන බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් කොටස් වෙළෙඳපොළ ආයෝජන වඩාත් පහසු වනු ඇති බව කියා සිටියේය. People's Pay හරහා බැංකුකරණය සහ කොටස් වෙළෙඳාම ඒකාබද්ධ කිරීමෙන්, ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ තුළ පුළුල් සහභාගීත්වයක් ඇති කිරීම සිය අරමුණ බවද සඳහන් කළේය.
මෙම සහයෝගීතාවය මඟින් ආයතන දෙකටම නව අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගනුදෙනුකරුවන්ට ප්රතිලාභ රැසක් හිමිවනු ඇත. මේ තුළින් කොටස් ආයෝජන කටයුතු සහ කොළඹ කොටස් හුවමාරුව වෙත පහසු ප්රවේශයක් ලබා දෙන අතර, ඒ ඔස්සේ ඔවුන්ගේ ස්මාට් ජංගම දුරකතනය හරහා එම ගනුදෙනු කළමනා කරණය කිරීමට අවස්ථාව සැලසෙන බව මහජන බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

