‘අපේ ගම’ ට මම ඉක්මණින්ම යනවා - ඇමති ප්‍රසන්න
ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණවිර ඇමතිගේ අමාත්‍යාංශය, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ ලක්ෂ 80 ක විශාල මාසික කුලියක් ගෙවන්නට සිදුව තිබෙන නිසාත් පහසුවෙන් ග්‍රාමීය ශිල්පීන්ට එම ස්ථානයට පැමිණීමට නොහැකි වීමත්ය.
ඒ අනුව අමාත්‍යාංශය ‘අපේගම’ ට රැගෙන යෑමේ කටයුතු සැලසුම් කිරීම ඊයේ දින (2020.09.09) සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘මම වැඩ භාරගත්ත අවස්ථාවේම කිව්ව විදිහට, අමාත්‍යාංශය ‘අපේගම’ පරිශ්‍රයට ගෙන ඒමේ කටයුතු කඩිනම් කිරීමට අද දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉන්ජිනේරු මහත්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සමග එහි දළ සැකැස්ම ගැන මූලික අධ්‍යනයක නිරත වුණා. මගේ බලාපොරොත්තුව ඉතා ඉක්මණින් මෙම ස්ථානයට පැමිණිමයි’ යනුවෙන් පැවසීය. ඒවගේම අපේගම පරිශ්‍රය අමාත්‍යාංශය යටතට පත්කර ගැනීමට අවශ්‍ය කටයුතුද කඩිනම් කරන බව වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

