චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
"චාමර සම්පත් ඇමතිවරයා විදිහට ඉන්න කාලේ පොස්පේට් ආයතනයට කරපු හරිය තව ටික කාළයක් යනකොට බලාගන්න පුලුවන් නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙනකොට. දැන් ඒවාට ආරම්භයක් තියලා තියෙන්නේ.ලක්ෂ 1200 ක් පගාව ගත්ත දෙන්නාව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක වෙන කොට චාමර සම්පත් අහනවා වැලිමඩ අලගොවියාට මොකක්ද සේතේ කියලා.ඒක හින්දා වෙන්න ඇති චාමර සම්පත්ලා රාජ්‍යය ඇමති විදිහට ඉන්න කොට මේ එප්පාවල පොස්පේට් සමාගමේ රොක් පොස්පේට් ටික කෙලින්ම අපනයන කරන්න බෑ. නීතියක් තියෙනවා.ඒ නීතිය උල්ලංඝනය කරලා චාමර සම්පත්ලා පොහොර අපනයන කරපු එකේ ප්‍රතිඵල වෙන්න ඇති වැලිමඩ අලගොවියාට හම්බ වෙලා තියෙන්නේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රධාන ඇමතිවරයෙක්නේ, චන්ද්‍රසේන ඇමතිතුමා, එයාගේ නෝනා ඇතුලේ අවුරුදු 16 යි, උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති චන්ද්‍රසේන ඇමතිතුමාගේ මල්ලි. නෑනයි- මස්සිනයි දෙන්නා ඇතුළේ. ඒ දෙන්නාගේ තනියට හිටපු චන්ද්‍රසේන ඇමතිතුමා බඩු මලු සුදානම් කර ගන්නවා කියලා ආරංචියි." යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, දේශීය පොල් වගාවට නව ජවයක් එක් කිරීම උදෙසා නව මුහුණුවරකින් සහ වැඩි දියුණු කළ ගුණාත්මකබවයකින් යුතුව, යළිත් වෙළඳපලට එන එප්පාවල “පොල් ඩබල් “ පොහොර එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.
ලංකා පොස්පේට් ආයතනයේ අගය එකතු කිරීමේ නිෂ්පාදනයක් ලෙස මෙම පොල් ඩබල් පොහොර හදුන්වාදීම සිදු කෙරිණි. එම පොහොර ගොවි සංවිධාන නියෝජිතයින්, එප්පාවල වෙළඳසංගම් නියෝජිතයින් අතර පළමුව අලෙවි කිරීමද එහිදී සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ සුසන්ත කුමාර නවරත්න මහතා,
". එක වෙලාවක මේ පොස්පේට් ආයතතනයට වගකියන හිටපු රාජ්‍යය ඇමතිවරයා තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ චාමර සම්පත්, දැන් ඔය චාමර සම්පත් ඇමතිවරයා විදිහට ඉන්න කාලේ පොස්පේට් ආයතනයට කරපු හරිය තව ටික කාළයක් යනකොට බලාගන්න පුලුවන් නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙනකොට. දැන් ඒවාට ආරම්භයක් තියලා තියෙන්නේ.
ලක්ෂ 1200 ක් පගාව ගත්ත දෙන්නාව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක වෙන කොට චාමර සම්පත් අහනවා වැලිමඩ අලගොවියාට මොකක්ද සේතේ කියලා.ඒක හින්දා වෙන්න ඇති චාමර සම්පත්ලා රාජ්‍යය ඇමති විදිහට ඉන්න කොට මේ එප්පාවල පොස්පේට් සමාගමේ රොක් පොස්පේට් ටික කෙලින්ම අපනයන කරන්න බෑ. නීතියක් තියෙනවා.ඒ නීතිය උල්ලංඝනය කරලා චාමර සම්පත්ලා පොහොර අපනයන කරපු එකේ ප්‍රතිඵල වෙන්න ඇති වැලිමඩ අලගොවියාට හම්බ වෙලා තියෙන්නේ.
ඔය කෑ ගහන චාමර සම්පත්ලා කරේ නීතී උල්ලංඝනය කරලා, අනීතික විදිහට රොක් පොස්පේට් අපනයනය කළා.ඒවාට තමා දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ.ඒ නීතිය ක්‍රියාත්මක වෙන කොට චාමර සම්පත්ලා භයේ දඟලනවා, ඒකනේ තියන ප්රශ්නය.
අපි දන්නවා ඉතාමත් කෙටි කාලයක් ඇතුළෙ 2025 අවුරුද්දේ මුල් මාස 05 ඇතුලේ අපේ රටේ පොල් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන අපනයනය කරලා ගත්ත ආදායමට වඩා.2026 අවුරුද්දේ මේ ගෙවිච්ච මාස පහේ 21% ක වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මෙන්න වෙනස.
සත්ව ආහාරවලට අවශ්‍ය ඩයි කැල්සියම් පොස්පේට් එකත් නිෂ්පාදනය කරන්නත් මේ වනවිට සූදානමින් ඉන්නේ. තව කාබනික පොහොර ගණනාවක් නිෂ්පාදනය කරන්න සූදානම් වෙමින් ඉන්නේ. ඒ නිසා අපි හිතනවා.සශ්‍රීකත්වයේ සංකේතයක් පැති ගණනාවකින් පෙන්නනකොට. ආර්ථිකයේ සශ්‍රීකත්වය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අපේ රටේ කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක් බවට පත් වෙමින් තිබෙනවා.ඒ සඳහා අපිට එප්පාවල රොක් පොස්පේට් නිධිය මහා දැවැන්ත සම්පතක්, ඒ සම්පත නිසි ලෙස ආරක්ෂා කර ගනිමින් එහි ඵලය රටට වගේම රටේ ජනතාවටත් භුක්ති විඳින්න අවස්ථාව හදමින් තිබෙනවා. විශ්වාසයෙන් යුක්තව ඒ ගමන යමින් තිබෙන්නේ. කෙටි කාළයක් තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගෙන යන ගමනට මේ හයිය ලබාදීලා තියනවා.
මිලියන 460 ක් එප්පාවල පොස්පේට් ආයතනය 2025 අවුරුද්දේ ශුද්ධ ලාභය . මාස 20 ක් ඇතුලේ අපි රටට රටේ ජනතාවට අත්කරලා දීලා තියෙන ජයග්‍රහණ වෙනුවට, මේ ආපු සිස්ටම් එක ඇතුලේ සමහර ඒවා නිවැරදි කරන්න තව යම් කාලයක් ගත වෙනවා.ඒ ගත වෙන කාලසීමාව ඇතුලේ නිවැරදිකිරීම් වලට සමහර තැන් වල අඩුපාඩු වෙනවා.
සමහර වෙලාවට අවුරුදු 76 ක් වැරදි පාරේ ගියපු රට එකපාරම අපට අංශක 360 කරකන්න බෑ. ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, ඒකට යම් කාලයක් ගත වෙනවා.ඒ ක්‍රියාවලියේ සමහර අඩුපාඩු කම් පෙන්නලා තමයි තමා මේ අඳබාල විපක්ෂයේ සමහර තැන්වල දඟලන්නේ.අපි කලබල නෑ, අපට ජනවරම ලබා දීලා තියෙනවා මේ වැඩේ කරගෙන යන්න අපි ඒක විශ්වාසයෙන් යුක්තව කරගෙන යනවා. "

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

