තම සේවකයන්ට සැලකූ ආකාරයේ අවුලක් ඇති බවත් සිදුවූ වරදට සමාව ඉල්ලන බවත් මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක මහතා පැවැසීය. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගෙන පැමිණීමෙන් අනතුරුව ඔහු මේ බව කීය.
"කරන්න තියෙන යුතුකම කරා. වැරැද්දක් වුණා, ලංකාවටම වැරැද්දක් වුණා. ඒ් ගැන ඇත්තටම සමාව ඉල්ලනවා. සේවකයන්ට මගේ අතින් වෙච්ච දේ ගැන අවුලක් තියෙනවා. ඉස්සරහර ඒ් වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න බලාගෙන ඉන්නවා.
මේක මගේ වැරැද්දක් නිසා වුණ දෙයක්. මම වැරැද්ද පිළිගන්න ඔ්න. ඒ් ක මම පිළිගන්නවා. බලමු ඉස්සරහට වෙනස් විදිහට අලුත් කොත්තුවක් අරගෙන එන්නම්."