හැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක තරුණ තරුණියක් පිරිසක් සහභාගි කරවා ගනිමින් පැවැත් වු සාදයකදි කේරල ගංජා , මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමග සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ අයි.ජේ.ඒ පෙරේරා මහතා පැවසිය.
මුහුණු පොතේ මිතුරු මිතුරියන් එක් කරගනිමින් (07) දින දහවල් 12 සිට එදින මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වු සාදයක් අතර එම සාදය හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබුණි.
සාදය පැවැත්වෙන අතරතුර හැටන් සහ නුවරඑළිය සුරාබදු කාර්යාලයේ නිලධාරින් එක්ව සිදු කල හදිසි වැටලිමකදි කේරල ගංජා සන්තකයේ තබාගත් තරුණයන් සිවුදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , එම උත්සව ශාලාවේ විසිකර දමා තිබු තවත් කේරල ගංජා මිලිග්රැම් 5900ක් , කොකෙන් මත්ද්‍රව්‍ය , මත්පෙති තොගයක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍යයද සුරාබදු කාර්යාලයේ නිලධාරින් භාරයට ගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම සාදය සදහා වයස අවුරු 16 ත් 30 අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් 400 දෙනෙකු පමණ සහභාගි වි සිටි බවයි වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් රාවණාගොඩ , පිළියන්දල , මහනුවර සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් පැවසිය.
මෙම වැටලිම මෙහෙයවු හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති අයි.ජේ.ඒ පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ එම සාදයට සහභාගි වු ඇතැම් තරුණ තරුණියන් ඔවුන්ගේ දෙමවුපියන්ද එක් කර ගනිමින් එම සාදයට සහභාගි වි සිටි බවයි.
මෙවැනි සාද පැවැත්විම තුළින් ඇතැම් තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන බවත්, ඒ පිළිබදව දෙමවුපියන් දැඩි සැලකිල්ලෙන් සිටිය යුතු බවයි.
මෙවැනි සාද වලට දරුවන් සහභාගි විමෙන් සදාචාරය සහ සංස්කෘතියටද දැඩි හානියක් සිදු වන බවයි සුරාබදු ස්ථානාධිපතිවරයා කියා සිටියේ.