කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ප්රදානය කළ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්රාා ලක්ෂ 4ක් අද (30දා) දින උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් , කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
කිලෝ ග්‍රෑම් 5,356 ක් බරැති මෙම එන්නත් තොගය , පෙට්ටි 77 ක අසුරා තිබේ .
මුලින්ම මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව එතැන් සිට , මෙම එන්නත් තොගය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.
