පසුගියවර ලෝක ශූරයන් වූ ආජන්ටිනා කණ්ඩයම ගෝල 1-0ක් ලෙස පරාය කරමින් ඇමෙරිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනිමට ස්පාඤ්ඤය සමත්විය. ස්පාඤ්ඤය දිනාගත් දෙවැනි ලෝක කුසලානය මෙය වන අතරඔවුන් මීට පෙර 2010 වසරේදි මෙම තරගාවලිය ජයගෙන තිබුණි. පළමු අර්ධයේ මෙන්ම දෙවැනි අර්ධයේදිත් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්විය. කෙසේ වෙතත් අමතර කාලයේදී ඒනම් තරගයේ 106වැනි විනාඩියේදි ස්පාඤ්ඤය වෙනුවෙන් ෆෙරන් ටොරෙස් ගෝලයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය ස්පාඤ්ඤයට ලෝක කුසාලනය දිනා දීමට ප්රමාණවත් විය.


