නුවරඑළිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ පොලිස් ස්ථාන දෙකක නව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස සහෝදරයන් දෙදෙනෙකු වැඩ භාර ගත්හ.
ආගරපතන පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිවරයා ලෙස ප්රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා හා රාගල පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිවරයා ලෙස ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා මෙලෙස වැඩ භාර ගත් අතර, ඔවුන් එක් කුස උපන් සහෝදරයන් වේ.
ආගරපතන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා රාගල පොලිස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමත් සමග එම පුරප්පාඩු වූ තනතුර සඳහා ඔහුගේ සහෝදරයා වූ ප්රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා මෙසේ වැඩ භාර ගැනීම විශේෂත්වයක් විය.
ප්රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට පෙර කන්තලේ කොට්ඨාසයේ තඹලගමුව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන ලදි.

