මෙරට එන්නත්කරණ වැඩසටහන සදහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ " ෆයිසර් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂයක් අද දින අලුයම දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
මෙම එන්නත් කිලෝ ග්‍රෑම් 460 ක් බරැති , පෙට්ටි 13 තුළ අසුරා තිබුණි .
මුලින්ම මෙම එන්නත් නෙදර්ලන්තයේ , ඇමස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .
එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ආනයන භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .