ෆොනී සුළි කුණාටුව හෙට (01දා) චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත්, එම සුළි කුණාටුව ලබන 04 වැනිදා ඉන්දියාවට ඇතුළු විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (01දා), අනිද්දා (02දා) හා 03දා යන තෙදින තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (01දා) දිනයේදී බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 165ත්, 175ත් දක්වා ඉහළ යා හැකි බවත්, ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 195ක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් ශ්‍රී ලංකාවට වයඹ, දකුණ, ගිනිකොන, නැගෙනහිර, ඊසාන සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍ර‘දේශවල ධීවර හා නාවික කටයුතු නොකරන ලෙස නිකුත් කර තිබෙන උපදෙස් හෙට (01දා) දිනයේදීත් ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව සෙසු මුහුදු ප්‍ර‘දේශවල ධීවර හා නාවික කටයුතු සිදුකරන පිරිස් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බවත්, මධ්‍යම කඳුකර ප්‍ර‘දේශවලත්, උතුර, උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.