ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ පට හා ඡායාරූප 500ක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙක් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත් මෙවැනි ආකාරට ළමුන්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූ අන්තර්ජාලට මුදාහර තවත් පුද්ගලයන් රැසක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මගින් පරීක්ෂණ පවත්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ළමුන් පිළිබඳව අසභ්‍ය වීඩියෝ, ඡායාරූප යොමුකරන පුද්ගලයන් ඒ අවස්ථාවේදිම අත්අඩංගුවට ගැනීමට දත්ත පද්ධතියක් පිහිටුවා පොලිස් හා ළමා කාර්යාංශය තුළ පිහිටුවා ඇති බවද ඔහු පැවැසීය.