කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ ළමා නිවාස වලට දරුවන් ඇතුලත් කරගැනිමේ දි වෛද්‍ය පරික්ෂණයකට ලක්කොට එම දරුවන් ඇතුලත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහෙෂ් කරුණානායක මහතා පවසයි.
දැනට පවතින තත්ත්වය හේතුවෙන් විදේශිකයින්ට හා පිටස්තර පුද්ගලයින්ට ළමා නිවාසවලට ඇතුල්විම තාවකාලිකව තහනම් කොට ඇති බව පවසන දකුණු පළාත් පරිවාස කොමසාරිස්වරයා සති දෙකකට පමණ අවශ්‍ය වියලි අහාර ද්‍රව්‍ය ළමා නිවාසවල ගබඩා කොට ඇති බවද පවසයි. ළමා නිවාස වලට දාන ලබාදිමේ දි සෞඛ්‍ය ආරක්ෂිතව වියලි අහාර ද්‍රව්‍ය පමණක් ලබාගෙන ඉවිමේ කටයුතු සිදුකරන බවද පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා මෙසේද පැවසිය,
දකුණු පළාතේ ළමා නිවාස 26ක දරුවන් 850ක් විතර ඉන්නවා. එහි ඉඩකඩ පහසුකම් අඩුයි. මේ නිසා ළමා නිවාසවලට අධිකරණ නියෝගමත දරුවන් ඇතුලත් කරගැනිමේ දි එම දරුවන් වෛද්‍ය පරික්ෂණයකට ලක්කොට නිරෝගි දරුවකු බව තහවුරුකර ගැනිමෙන් පසු ඇතුලත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි තියෙනවා. දැනට සති දෙකකට පමණ අවශ්‍ය අහාර ද්‍රව්‍ය තියෙනවා. මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් ආහාර ද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබද අමාත්‍යංශය සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන බවද පරිවාස කොමසාරිස්වරයා සඳහන් කළේය.