ඇඳරි නීතිය යම් යම් ආකාරයට යම් යම් ප්‍ර දේශවල ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල්වල සායනික කටයුතු සීමා කිරීම් සහිතව ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
එසේම ළඳරු හා ළමා සායන පැවැත්වෙන බවත් ඒ සඳහා අවශ්‍ය චක්‍ර ලේඛය නිකුත් කර ඇති බවත් ඔහු පැවැසීය. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වෙනුවෙන් වෙනත් ස්ථානවල සායන පැවැත්වීමට කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
ළඳරු ළමා සායනවලට පැමිණෙන විට හැකි තාක් මව පමණක් එම සායනවලට පැමිණීම සිදුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.