හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය වසා දමයි
ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යකර්මයට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් ස්වයං අවධානයට ලක් කිරීමට පියවර ගත් බවද පැවසේ .
ඉකුත් 4දා රිය අනතුරකට ලක් වූ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කර ඇතැයි පැවසේ
පසුව ඔහුගේ අසාධ්‍ය තත්වයේ හේතුවෙන් 05 දා ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර එහිදී පී.සී.ආර් පරීක්ෂණයකට ද ලක් කර ඇතැයි පැවසේ.
ශල්‍යකර්මයෙන් පසුව ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති අතර රෝගියාගේ පී.සී.ආර් පරීක්ෂක වාර්තාව අද ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පැවසේ .
ඒ අනුව රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය විෂබීජහරණය කොට යථා තත්ත්වයට පත් කරන තෙක් අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ශල්‍යකර්මය සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජනිත ආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
popular news
-
Gamage piyadassana Friday, 06 November 2020 07:00 PM
Mike pimpiyo samaja gata wela ne kiyati
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

