ජන හදවත් දිනාගත් ගායකයෙකු වූ රුක්මන් අසිත අද දින අභාවප්රාප්ත වූ අතර, රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටි ඔහු මියැදෙන විට 48 වන වියෙහි පසුවූවේය.සිරස Super Stars තරු මාවතේ මුල් අවදිය නියෝජනය කළ කැපීපෙනෙන තරුවක වූ ඔහු, ප්රසංග වේදිකාවට ද නැතුව ම බැරි ගායකයෙක් විය.
'ආදරේ මහා සුන්දරයි කියා', 'උදේ හවා දකිනවා' මෙන්ම 'අව්වැසි කියාලා' (ටුක් ටුක් ගීතය) වැනි ඔහු ගැයූ ගීත අතිශය ජනාදරයට පාත්ර වූ අතර 'හැමදාම නොවෙයි', 'පාර පුරා විසිරුණු', 'සුළඟ වගේ ඇවිදින්', 'අමනාප වෙන්න හොඳ නෑ', 'ආදරය කළ සිතින්', 'දැන් හිතට සතුටුයිදෝ', 'හැමදාම ආවත් මගේ හීනෙට', 'තහනමක් නෑ', 'බොරු චෝදනා' වැනි ගීත 20'කට අධික ප්රමාණයක් ඔහු විසින් ගයා එළිදක්වා තිබිණ.
ඔහුගේ නිසල දේහය ඔහු විසූ කඩවත, අංක 483/D, ඉහළ බියන්විල නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ජුලි 02 බ්රහස්පතින්දා සවස පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය.