දිවයිනේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක් සිදු වෙයි.
ජාතික ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලය පැවසූවේ වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, යක්ගස්මුල්ල, බැදිගම, මුල්ගිරිගල, හොරේවෙල යන ප්‍රදේශවලට හෙට පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
හම්බන්තොට, මුරුතවෙල ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි
