හිටපු හමුදා කර්නල් වෙඩි තබා ඝාතනය කළ තිදෙනෙක් අල්ලයි
- 29 11 2026
- 07:10
- {{hitsCtrl.values.hits}} views
- ..
රත්ගම පොලිස් වසමේ මලියදූව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයකදී වයස අවුරුදු 47 ක් වූ රිච්මන්කන්ඳ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා නිලධාරියෙකු 2026.11.26 වන දින වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව මේම අපරාධය සිදු කිරීම සම්බන්ධව අවශ්‍යකර සිටි සැකකරුවන් තිදෙනෙකු 2026.11.28 වන දින ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන රත්ගම පොලිස් ස්ථා වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 31, 38, හා 41 වයස්වල පසුවන ගිංතොට, මාගල්ල හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා රත්ගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
