හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුව සඳහා පක්ෂ රැසක් සහභාගී වෙයි
Covd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට (2020.05.04) අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, All Ceylon Muslim Congress, දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටිති.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් -19 ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින් ද ඊට එක්වී සිටිති.
popular news
-
chamara Monday, 04 May 2020 02:22 PM
පක්ෂ රැසක් .........හිනස්සල මරන්න්ද යන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

