හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිරිසේන කුරේ මහතා මිය යන විට 90 හැවැරිදි වියේ පසුවිය. වසර 10ක් (1979-1989) කොළඹ පුරපති ලෙස කටයුතු කළ කුරේ මහතා 1989 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසියේය.
ඔහු රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමති ලෙස කටයුතු කළේය.