හිඟ මුදල් ගෙවීමට නම් කථානායක පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි
කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
පසුගිය රජය සමයේදී සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් නොගෙවීමෙන් එම කොන්ත්‍රාත්කරුවන් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
රජයේ මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබාගැනීම අත්‍යාවශ්‍ය වන අතර එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ මූලික සිද්ධාන්තය බවද ඔහු සඳහන් කළේය.
2019 වසරේ අයවැයට අනුව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2380ක් බවත් ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 4550ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ආදායම හා වියදම අතර පරතරය පියවීමට නම් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් මීට පෙර ණය ලබා නොගත් ආණ්ඩුවක් නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
-
Don Saturday, 22 February 2020 08:25 PM
නය කන්ද ලොකුකරන්න තමයි ආණ්ඩු වෙනස් කරගත්තේ. මෙයාල නම් එන්න එන්න තඩි වෙනවා, පිම්ම්බෙනවා. මොලේ නම් කලඳක් නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

