ඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීය.
මෙහිදී ඉදිරි මැතිවරණය සඳහා හංසයා ලකුණ භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ජාතික සමගි බලවේගය හංසයා ලකුණින් තරග කිරිමට ඊයේ පැවැති එම බලවේගයේ උපදේශක කාරක සභාව තීරණය කළේය.
මේ අතර එම ලකුණ සඳහා අද දිනයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.