වේල්ලවීදියේදී හමුවූ හිස නැති මළ සිරුර හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මව හා ළඟම ඥාතීන් යොදාගෙන මෙම DNA පරීක්ෂණය සිදුකිරිමට නියමිත අතර කාන්තා මළ සිරුරේ හිස සොයාගැනීම වෙනුවෙන් පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා 28 දා රාත්‍රියේ හංවැල්ල ලැගුම්හලට පැමිණ ඇති අතර ඔහු 01 දා හංවැල්ල නගරයෙන් පිහියක් හා ගමන් බෑගයක් මිලට ගෙන තිබේ.
ඔහු නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කිරීමේදී ලේ සලකුණු තිබී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම සිදුවීමට අදාළ සැකකරු සියදිවි හානි කර ගැනු ලැබීය.