හංවැල්ල ප්ර දේශයේ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිදුවිමට අදාළ සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ රාත්රියේ මෙම වෙඩි තැබීම සිදුවූ අතර අද පෙරවරුවේදී මෙසේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන වෑන් රථයක් හා යතුරුපැදියක්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.