හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා යුද හමුදාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
හලාවත නගරයට පැනවූ පොලිස් ඇඳරි නීතිය හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. මුලින්ම ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා පැනවීමට කටයුතු කරනු ලැබීය.
ජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. මෙම නොසන්සුන්තාව හේතුවෙන් හලාවත නගර සීමාවට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
හලාවත ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිම සඳහා පොලීසිය වහාම ක්‍රියාත්මක වන පරිද හෙට පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.