හරින් පක්ෂයෙන් නෙරපා හරින්න සජිත් තිරණයක් ගත යුතුයි
හරීන් පක්ෂයෙන් නෙරපා දැමිමට තීරණයක් සජිත් ගත යුතු බව හිටපු ඇමති එස්.බි දිසානායක මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,
කරුණම්මාන් කියන්නේ නැගෙනහිර හිටපු එල්.ටි.ටි .ඊ නායකයා. ඔහු ඒ කාලේ අපේ හමුදාව. පොලීසිය මරන්න ඇති. ඔහු ප්‍රභාකරන්ටත් හිටපු හොදම යුධ නායකයා. නමුත් කරුණාම්මාන් එක තීරණාත්මක මොහොතක මඩකලපුවේ එයාගේ එල්.ටි.ටි.ඊ මුලස්ථනයටත් ගිනි තියලා අපේ හමුදාවත් එක්ක එකතු වුනා. ඒ එකතුවිම හරහා අපිට නැගෙනහිර ඉතා ඉක්මනින් අල්ලගන්න පුළුවන් වුනා.
ඒ වගේම ඔය තොප්පිගල වගේ තැන් වලට පහර දීලා ඒ තැන් අල්ලගන්න කරුණාම්මගෙන් අපිට ලොකු පහසුවක් ලැබුණා. අන්න එතනින් තමයි කරුණම්මාන් ආණ්ඩුවට එකතු වෙන්නේ. ඒ නිසා නීතිය ඉදිරියේ ආධාරකරුවෙක් වෙලා ඕන කෙනෙක්ට තමන් කරපු වැරදිවලින් වැලකෙන්න පුළුවන්. කරුණම්මාන් කරපු වරදෙන් ගලවන්න යනවා නෙමෙයී මම. නමුත් ඔහු යුද්ධය ජය ගැනිම සදහා ඒ තීරණාත්මක මොහොතේ තීරණාත්මක උදව්වක් කරපු කෙනෙක්. ඒ වගේම පස්සේ ආණ්ඩුවට එකතුවුනා.
නමුත් ඔහු ඒ කල ප්‍රකාශයට හොදම වචනය කඩප්පුලිකම.කඩප්පුලි ඕන නැති කතාවක්.කරුණම්මාන්ගේ වීර කමට නෙමෙයී ඒ පොලිස් නිලධාරීන් මැරුවේ. එ.සි.එස් හමිඩ් උතුරේ හිරවුන වෙලාවේ ඔහුව බෙරගන්න පොලිසියට කිව්වා යටත්වෙන්න කියලා. ඒ අපරාධයේ සැබෑ හිමිකරුවා. ඒ අපරාදේ කලේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ පොලිස් නිලධාරීන් 600 කට යටත් වෙන්න බල කලා. එ.සි.එස් හමිඩ් යාපනෙන් එළියට ගන්න. ඒක තමයී ඇත්ත. තව තැන්වල එල්.ටි.ටි.ඊ බටයොත් අපේ බටයොත් මැරෙන්න ඇති. හබැයි කරුණම්මාන් ඒ කල ප්‍රකාශය කිසිසේත් අපිට අනුමත කරන්න බැ. ඒකයි මම අර කඩප්පුලි කතාවක් කියලා කිව්වේ. ඒක ඔහු නොකලයුතු දෙයක්. ඇත්තටම ඔහු ඒ වෙච්ච දෙවල් ගැන වෙදනා විදින්න . කනගාටු වෙන්න ඕන. කලයුතු දෙයක් නෙමෙයී. ඒ නිසා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ දැඩි පිළිකුල හා අප්‍රසාදය පල කරනවා.
පාස්කු ප්‍රහාරයෙන් හාරසිය ගාණක් තුවාල වෙලා දෙසිය ගාණක් මැරිලා. ඒ වෙලාවේ කාදිනල් පියතුමා හිටිය මානසිකත්වය බලන්න. පල්ලී ගණනාවක් විනාශ වෙලා. ඒ අතරේ හරින් කියනවා මමත් ඕකට බිලිවෙනවා මගේ තාත්තා මට යන්න එපා කියලා නොකිව්වනම් කියලා. ඒහෙම කිව්වම ඉතාම අහිංසක ප්‍රකාශයක් තමයී කාදිනල් පියතුමා කලේ. අනේ අපිටත් ඒ පණිවිඩය හම්බවුණා නම් අපේ පල්ලිටික ජිවිත ටික බේරගන්න තිබුණා කියලා යැයි ඔහු පැවසීය.

popular news
-
Don Thursday, 25 June 2020 07:00 PM
Before you talk about Harin, talk about Karuna.
Reply : 0 1
Demuni Uduwara Thursday, 25 June 2020 08:16 PM
Mr. Dissanayaka, what about your modern view of Arantalawa massacre.?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
