හොරොව්පතාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු වූ තම මාමාට ඇප ලබාගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා හොරෙව්පතාන පොලීසයේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට උත්සාහ කළ සැකකරු යළිත් එළැඹෙන 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද ( 21දා) නියෝග කළාය.