රුපියල් කෝටි 53ක වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කථවර දකුණ පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයා ඇතුළු තුන්දෙනා මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරුවන් අද දින ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස විදේශිය සබදතා ඇති බවට සැක කෙරෙන නිසා තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ.