අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අම්බලනගොඩ මුහුදු වෙරළ තීරයේදි සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරිමේදි එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් සන්තකයේ තිබි හෙරෝයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 365ක් සොයාගෙන ඇත.
අම්බලන්ගොඩ පදිංචි සුසිලා ඉරෝෂනි නැමති කාන්තාව සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 160ක් සහ හෙරෝයින් ජාවාරම සදහා යොදා ගත් මුදල් රු.422,600 සොයා ගෙන ඇත. තවද මෙම සැකකාරියගේ මිනිබිරියක් වන අවු.06ක කුඩා දැරියද හෙරෝයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.
තවද අවු.40ක්වු මෙම සැකකාරියගේ සහෝදරිය වන ප්‍රබෝධනි සන්තකයේ තිබි හෙරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 110 ක්ද සොයා ගෙන ඇත.