හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මේ දිනවල නරක ග්‍රහයෙක් ලබා ඇති බවත් එම නීච ග්‍රහයා මාරු වන තුරු ඔහු කට වහගෙන සිටිය යුතු බවත් එසේ නැති වුවහොත් ඔහු අමාරුවේ වැටෙන බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.
කතා කිරීමේ නිදහස අහිමි කර ඇති බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය කුමක්දැයි ඊයේ (10දා) රාත්‍රී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ දිනවල තමන්ගේ කට පරිස්සම් කර ගත යුතු කාලය එළඹ තිබෙනවා. ඔහු මුලින්ම තම පියා පිළිබඳව කතාවක් සිදු කොට ඉන් පසුව අගරදගුරු හිමියන්ට ප්‍රකාශයක් කළා. කතා කිරීමේ නිදහස අහිමි කිරීමක් සිදු කර නෑ .ඔවුන් චෝදනා එල්ල කර තිබුණේ මෙරට අධිකරණයටයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුඛවාඩම් දමාගෙන ගොස් අධිකරණයට අපහාස කරනවා.
පසුගිය කාලයේ අධිකරණයට අපහාස කළ අමාත්‍යවරයෙකුට ද දඬුවම් හිමිවුණා. මෙම කණ්ඩායම් රටේ පොදු නීතියට ගරු කළ යුතුයි. කරුණාකර අධිකරණයට අපහාස කිරීම නවතා දමන්න. පසුගිය රජය සමයේ හිටපු ඇමැතිවරුන් විනිශ්චකාරවරුන් ට දුරකථන ඇමතුම් ලබාදී ඇප ලබා ගැනීම සහ ඇප ලබා නොදීම පිළිබඳව ප්‍රකාශ කළා.”