සේවිකාවකට කොරෝනා ආසාදිතවීම නිසා පසුගියදා (31) වසා දමන ලද හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් 450 දෙනෙකුට සිදුකරන ලද පිසීආර් පරීක්ෂණවලින් 250 දෙනෙකුගේ ප්‍රතිඵල මේවන විට ලැබී ඇති බවත් එයින් 23 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙයට පෙර මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 34 දෙනෙකුට කොරෝනා ආසාදිතව සිටි අතර ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගියේය.
ඊයේ (03) දිනයේත් පිසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සේවකයින් 750 දෙනෙකුගේ ජෛව සාම්පල ලබා ගැනිම සිදුකළ බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අගුරුවාතොට මංගල එදිරිසිංහ