හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා පැවසීය.
පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම පුද්ගලයන් හොරණ ,බුලත්සිංහල ,බණ්ඩාරගම ,මතුගම සහ ඉංගිරිය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශවල පදිංචි අයවලුන් ය .
මෙම ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ වැඩ පරීක්ෂක වරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු මීට දින කිහිපයකට ඉහතදී කොරෝනා ආසාදිත රෝගීයෙකු බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමගම ඔහු අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කෙරිණි.
එම පුද්ගලයා අගලවත්ත ගම්මුද්දර ගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදාවේ සෙබලෙකුගේ මස්සිනා වන බව වෛද්‍යවරයා පැවසීය.
රෝගී වැඩ පරීක්ෂකවරයා සමග සමීපව කටයුතු කළ මූලික ආශ්‍රිතයන් මෙලෙස පීසීආර් පරීක්ෂණයට භාජනය කෙරිණි .
බිමල් ෂ්‍යාමන් ජයසිංහ