හෝර්ටන්තැන්න වනෝද්‍යානයට බිමතින් ඇතුළු වු පිරිස්ට දඩ
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට බීමතින් ඇතුළු වී එහි නිදැල්ලේ සැරිසරණ වනසතුන්ට පීඩාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුහට රුපියල් 80,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30 ) නියෝග කළේය
එක් අයෙකුට රුපියල් 40000 බැගින් රුපියල් 80000 ක දඩ මුදලක් ගෙවීමට මෙලෙස නියම වුයේ වලස්මුල්ලප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුහටය.
මෙම සැකකරුවන් වනෝද්‍යානයට බීමතින් ඇතුළුව එහි නිදැල්ලලේ සැරිසරණ ගෝනුන් ඇතුළු අනෙකුත් වනසතුන්ට පීඩාකාරී ලෙස හැසිරෙමින් සිටියදි අත්අඩංගුවට ගත් බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පැවැසුහ.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
