හෝර්ටන්තැන්න වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කරමින් කිසිම විටක ඇතුළු නොවන ලෙස සංචාරකයන්ගෙන් හා විදෙස් සංචාරක මගපෙන්වන්නන්ගෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා ඉල්ලා සිටී.
බලංගොඩ සිට නන්පෙරියල් වත්ත හරහා හා ලිඳුල සිට ආගරපතන, ඩයගම හරහා වැටී ඇති මාර්ගයන් තහනම් මාර්ග ලෙස නම් කොට ඇති බවත් එම මාර්ග භාවිතා නොකරන ලෙස හා ඒවායින් වනෝද්‍යානයට ඇතුළු නොවන ලෙස සඳහන් කොට ඇති බවද ඒ මහතා පැවැසීය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුවීමේදි නුවරඑළිය, බ්ලැක්ෆුල් හරහා හා හපුතලේ, ඔහිය හරහා වැටී ඇති නියමිත මාර්ග පමණක් භාවිතා කරන ලෙසත් එම මාර්ගවලින් හැර අනෙකුත් කිසිම මාර්ගයක් භාවිතා කරමින් වනෝද්‍යානයට ඇතුළු නොවන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රදීප් කුමාර මහතා කීය.
තහනම් මාර්ග භාවිතා කරමින් වනෝද්‍යානයට ඇතුළුවන සියලුම දෙස් විදෙස් සංචාරකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරන බවත් එසේ අධිකරණවලට යොමු කිරීමේදී සංචාරකයන් දැඩි අපහසුතාවයට ලක්වෙන බවත් විශාල දඩ මුදල් ගෙවීමට සිදුවෙන බවත් ඒ මහතා පැවැසීය.
එවැනි අපහසුතාවලින් වැළැකී හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීම සඳහා තහනම් මාර්ග භාවිතා නොකොට නියමිත මාර්ග පමණක් භාවිතා කරමින් වනෝද්‍යානයට ඇතුළුවන ලෙස දේශීය සංචාරකයන්ගෙන් මෙන්ම විදෙස් සංචාරක මගපෙන්වන්නගෙන් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින බවද පැවසිය.