තමන් අත්තනොමතික ලෙස ස්ථාන මාරු කරමින් විවිධ දේශපාලන පලිගැනීම් සිදුකරන බව පවසමින් හම්බන්තොට මහලේවායේ ලංකා ලුණු සමාගමේ පොදුජන පෙරමුණට අනුබද්ධ සේවකයින් පිරිසක් විසින් අද දහවල් පැවැත්වූ විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට ලංකා ලුණු සමාගමේ එක්සත්ජාතික පක්ෂයේ සේවකයින් පිරිසක් බැණ තර්ජනය කරමින් රාජකාරියටද දැඩි සේ බාධා පමුණුවමින් පහරදීමට තැත්කර තිබෙනවා .
විරෝධතාවයක් පැවැත්වෙන බවට අදාළ සේවක සංගමයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව එම විරෝධතාවය වාර්තා කිරීම සදහා මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා එම ස්ථානයට ගොස් ඇති අතර පසුව විරෝධතාවය ආරම්භ වීමත් සමඟ විරෝධතා කරුවන් හා එක්සත් ජාතික පාක්ෂික පිරිස අතර නොසන්සුන් තාවයක් ඇතිවී තිබේ.
එම සිද්ධිය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට පසුව එක්ෂත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පැමිණ මේ සිද්ධිය වාර්තා නොකරන ලෙස ඉල්ලමින් මේ ආකාරයෙන් තර්ජනය කරමින් පහර දීමට තැත් කිරීමත් සමඟ විරෝධතා කරුවන් පැමිණ එය වලක්වා තිබේ .
කෙසේනමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසියේ පැමිණිලි අංක CIB (1) 392/228 යටතේ මාධ්‍යවේදී රාහුල් සාමන්ත හෙට්ටිආරච්චි මහතා පැමිණිල්ලක්ද දමා තිබේ . දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වරයාද වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙය සමස්ත මාධ්යවේදින්හටම එල්ලවන තරජනයක් බැවින් මාධ්‍යවේදීන්ට නිදහසේ තම මාධ්‍ය කටයුතු සිදුකරගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් එම නිසා මෙම සිද්ධියට අදාළ සියලු දෙනා නිතිය හමුවට කැඳවා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි .