හම්බන්තොට මහරෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරීන් දෙදෙනෙකු සහ සුළු සේවකයින් දෙදෙනෙකු හට මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක එස්,ඩි ,යු ,එම් ,රංග මහතා කියා සිටි.
මිට දින 08කට පමණ පෙර රසායනාගාරයේ සේවය කරනු ලබන සුළු සේවිකාවක් සදහා කොරෝනා වෛරසය අසාදනය වී ඇති අතර පසුව රෝහලේ 18 වාට්ටුවේ සේවය කරනු ලැබූ හෙද නිලධාරියෙකු හටද කොරෝනා වෛරසය අසාධනය වී ඇතිබවට තහවුරු වී තිබේ.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සේවය කරනු ලබන එම හෙද නිලධාරිවරයාගේ බිරිද හටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පත්වනු ලැබූ පුද්ගලයින් කීපදෙනකු PCR පරීක්ෂණ සදහා යොමුකර තිබේ.
ඒ අනුව අද (25) ලැබුණු එම PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව ශල්‍ය වාට්ටුවේ සේවය කරනු ලැබූ තවත් හෙද නිලධාරිවරයෙකු හට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
හම්බන්තොට පාසලකට 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාල හෙද නිලධාරී වරයාගේ දරුවා පාසලට ඇරලවිම සදහාද මෙම හෙඳ නිලධාරිවරයා ගොස් තිබෙන බව වාර්තාවේ.