තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සදහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සදහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු වී තිබේ.
අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 කක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය (12) වනදා දින ස්වයං නොරෝධායනයට ලක්කිරීමෙන් පසු (13) වනදා PCR පරීක්ෂණය සදහා අවශ්‍ය නියදිද ලබාගෙන සිටින අතර අතුර උදරයේ අමාරුවක් ඇතිවී ඇතිබව පවසමින් 1990 ගිලන්රත්යක් මගින් (13) වනදා රාත්‍රී හම්බන්තොට මහරෝහලට පැමිණ ඇති අතර එහිදී අදාල රෝගියා 18 වැනි වාට්ටුව සදහා ඇතුලත්කර තිබේ.
කෙසේ නමුත් (14) වනදින අදාල තැනැත්තා කොවිඩ් අසදිතයෙකු බවට සිදුකරතිබු PCR පරීක්ෂණ මගින්ද තහවුරු වීමත් සමඟ ඔහු පිලිබදව සෙවීමේදී අදාල රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට තුලත්වී ඇතිබවට කරුණු අනාවරනය වී තිබේ.
එමෙන්ම අදාල රෝගී පුද්ගලයා යාල ජාතිකවනෝද්‍යානය ආසන්නයේ ඇති හෝටලක සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර තිබෙන අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකින් පැමිණි අය සදහා මොහු විසින් මඟ පෙන්වා තිබේ. එහිදී එම පැමිණි අයෙකුගෙන් මොහුට මෙම රෝගය ආසාදනය විද යන්න සෙවීම සදහා සෞඛ්‍ය අංශ පරීක්ෂණ මෙහෙයවනු ලබයි
කෙසේ නමුත් අදාල ආයතනයේ මොහු සමඟ ආයතනය තුල සේවකයින් 61 ක් හා පිටත සේවකයින් 61 දෙනෙකු සිටින බවත් ආයතනය ඇතුලත සේවකයින් ඒ තුලම මෙන්ම අනෙකුත් සේවකයින් ඔවුන්ගේ නිවෙස් තුලම නිරෝදායනයට ලක්කර තිබේ.
එමෙන්ම හම්බන්තොට මහරෝහලේ ඔහුට ප්‍රතිකාර කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.
අදාල කොරෝනා අසාදිත රෝගියා මේ වනවිට හම්බන්තොට පැරණි රෝහලතුල ස්ථාපිත කර තිබෙන කොරෝන රෝගී ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ඒ .ටි ,එම .ඩි ,පටබැදිගේ මහත්මීගෙන් විමසීමකදී එතුමිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සෞඛ්‍ය ලේකම් වරයාගෙන් ලබා ගන්නා ලෙසයි.