හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමඟ හම්බන්තොට ධිවර වරායට හා නගරයට ඇතුළුවීමේ සිමා පනවා තිබේ.
හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් 57 දෙනෙකු ගේ හා තවත් තිදෙනෙකු පසුගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසු ඊයේ (25) දින ලැබුණු පරීක්ෂණ වාර්තා වලින් මෙය තහවුරු වී තිබෙනවා
කෙසේ නමුත් මේ ආකාරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ධිවරයින් හම්බන්තොට ගඩොල්මුල්ල, සිප්පිකුලම, ප්‍රදේශයේ හා ජාතික නිවාස මාවත, ප්‍රදේශයේ පදිංචි අය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මොවුන් අතරින් එක් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට යෑම හේතුවෙන් 2020.10.21 දින සිට ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තෙක් සමාජයේ සැරිසැරූ අයෙකු බවට අනාවරණය වී තිබේ.