හම්බන්තොට ධිවර වාරයේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
හම්බන්තොට ධිවර වාරායේ ධිවරයින් 57 දෙනෙකු ගේ හා තවත් තිදෙනෙකු පසුගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසු ඊයේ (25) දින ලැබුණු පරීක්ෂණ වාර්තා වලින් මෙය තහවුරු වී තිබෙනවා
කෙසේ නමුත් මේ ආකාරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ධිවරයින් හම්බන්තොට ගඩොල්මුල්ල, සිප්පිකුලම, ප්‍රදේශයේ හා ජාතික නිවාස මාවත, ප්‍රදේශයේ පදිංචි අය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මොවුන් අතරින් එක් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට යෑම හේතුවෙන් 2020.10.21 දින සිට ස්වයං නිරෝධනයට ලක්කර සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තෙක් සමාජයේ සැරිසැරූ අයෙකු බවට අනාවරණය වී තිබේ.
හම්බන්තොට ධිවරවාරයේ ධිවරයින් 57 දෙනෙකු සහ පසුගිය දිනයන්හි විවිධ හේතු තුළ ගම්පහ ප්‍රදේශයේ සංචරයේ යෙදුනු තිදෙනෙකු ඇතුළු 60 දෙනෙකු හම්බන්තොට ධිවර වරාය පරිශ්‍රයේදී පසුගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යොමුකරන ලදී
මෙහිදී පැලියගොඩ ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු හම්බන්තොට වරායේ ධිවරයන් හය දෙනෙකුගේද මේ ආකාරයන් PCR පරීක්ෂණ සිදුකල අතර අනෙකුත් ධීවරයින්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇත්තේ අහඹු ලෙස තෝරාගෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබුවේ.