අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටි.
කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බව ජනාධිපතිවරයා පවසයි.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසඳුම් ලෙස විධිමත් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.