ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගේ හිරිහැර , කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 ක් අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් කුවේටය වෙත ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් එල්ලවන හිරිහැර , කරදර තවදුරටත් ඉවසා සිටිය නොහැකි විටදී , ඔවුන් සිය සේවා ස්ථාන වලින් පලා යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මොවුන් භාර දී තිබුණි .
පසුව මෙම පිරිස එරට තානාපති කාර්යාලයේ " සුරක්ෂා " රැදවුම් මධ්‍යස්ථානයේ සහ තවත් පිරිසක් එරට සිරගෙවල්වල සිටි කාන්තාවන් ද මෙසේ පැමිණ සිටි පිරිසට අයත් වී සිටිති .
මෙම පිරිස ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබූ අතර , ඔවුන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙරටට පැමිණ තිබුණි .
මෙම හිරිහැර , කරදර නිසාම අසනීප තත්ත්වයේ පසුවූ කාන්තාවන් දෙදෙනකු ද මෙම පිරිස අතර සිටියහ .
ඔවුන් අද දින උදෑසන 6.20 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකාරියන් වූ මෙම පිරිස , කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙන ප්‍රවාහන වියදම් දීමනාව ද ලබා ගෙන ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ .
කටුනායක - ටි.කේ.පි කපිල