ගාල්ලමාපලගම විද්‍යාතිලක පිරිවෙණේ විහාරාධිපති මාපලගම ගුණසිරි ස්වාමීන් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පන්සලේ වැඩ කටයුතු කරමින් සිට අතුරුදහන් වූ ලේල්වල ගුරුගේ ගුණදාස නමැති 75 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා වදුරඹ ලේල්වල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු මීට ඉහත මිනීමැරුම් චෝදනාවක් මත වසර 12ක් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බව පැවසේ.
තමා බීමත්ව සිටියදී අපවත්වූ හිමිනම තමාට පහර දුන් බවත් ඉන් අනතරුව තමා පොල්ලකින් පහර දී හිමිනම ඝාතනය කළ බවත් සැකකරු පොලීසියට පවසා ඇත.
වඳුරඹ පොලීසිය සහ නාගොඩ පොලීසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.