යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්වී තිබේ. ඒ හිටපු අධිපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා එම ධුරයෙන් නික්ම යෑමත් සමගිනි.
දඹුල්ලේ පවතින රෙජිමේන්තු මූලස්ථානයේදී චාම් උත්සවයකින් අතපත්තු මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය. සුමිත් අතපත්තු මහතා හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසත් යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ ලෙසත් කටයුතු කරයි.