ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති එම්.ඒ හේමචන්ද්‍ර මහතා බස් කර්මාන්තය දියුණු කිරීමට විශාල සේවාවක් සිදුකර තිබෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය සඳහන් කරයි.
මේ නිසා ඒ මහතා නැවත පත්කිරීමට හෙට (23දා) කැබිනට් මණ්ඩල තීන්දුවක් ගන්නා ලෙසට අද (22දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේය.
ආයතනයේ සුළු සේවක පිරිසක් හා බස් හිමියන් දෙතුන් දෙනෙකු සභාපතිවරයා පත්වීම වැළැක්වීමට කටයුතු කළද බහුතර සේවකයන්, බහුතර බස් හිමියන් හේමචන්ද්‍ර මහතා පත්විය යුතු බවට සඳහන් කරන බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.