හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම අවස්ථාවේ සේවය කළ වෛද්‍යවරුන් හය දෙනෙකු ඇතුළු විසි නම දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
ඒ අතර වෛද්‍යවරුන් හයදෙනකු , හෙද කාර්ය මණ්ඩලයේ එකොලොස් දෙනෙකු සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ දොළොස් දෙනෙකු ඇතුළු විසි නම දෙනෙකු වන බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
මොවුන් අතරින් හෙද කාර්ය මණ්ඩලයේ එකොලොස් දෙනකු කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකටත් ,කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ දොළොස් දෙනකු කටුනායක නිරෝධායන මධ්‍යස්ථානයකටත් යොමුකොට වෛද්‍යවරුන් හය දෙනා ගෘහස්ථ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවත් ඔවුන් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවත් පැවසීය .
මේ අතර ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය විසබීජහරණය කොට යථා තත්ත්වයට පත් කරන තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න