හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝමාගම මූලික රෝහලට අද (25) පරිත්‍යාග කළ බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
Mechnix technology පුද්ගලික සමාගම විසින් මෙම පරිත්‍යාගය සිදු කර තිබුණි .
රුපියල් ලක්ෂයක පමණ වියදමින් නිමවා ඇති මෙම රොබෝ යන්ත්‍රය දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කෙරෙන අතර රෝගියා අසලට නො ගොස් වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීම හා ආහාර පාන ලබා දීම ඇතුළු පහසුකම් රැසක් මින් සලසා ගත හැකි බව ද පැවසේ.
කොරොනා රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ දෛනික ප්‍රතිකාර ක්‍රම වලට සහ වෙනත් පහසුකම් සඳහා මෙම රොබෝ යන්ත්‍රය විශාල පිටුවහලක් වන බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න.