ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය සිදුකර තිබේ.
2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමට ඩයලොග් සමාගම එකඟතාවය පළ කරන ලදී. පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පද්ධතියක්ද ස්ථාපිත කළේය.
හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරීත්වයකින් යුත් දැඩි සත්කාර ඒකකය විශේෂයෙන්ම කොරෝනා වෛරසය වැනි බෝවන රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර කාර්යක්ෂමව සිදුකිරීමට හැකිවන පරිදි අඩු පීඩන කලාපයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම්වලින් සමන්විත අතර, එහි අංග සම්පූර්ණ අති නවීන දැඩි සත්කාර පහසුකම් තුළින්, අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඉහළ නැංවීමට සමත් වෙයි.