හබරන සිදුවීමට මේජර් ජනරාල් අත්අඩංගුවට
හබරන පොලිස් වසමේදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හමුදා මේජර් ජනරාල් අත්අඩගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වනජීවී නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුන් හබරන පොලීසියට පැමිණිල් කර තිබූ අතර හමුදා මේජර්ජනරාල්වරයාද පොලීසියට පැමිණිලි කර තිබේ.
අධිකරණයට කළ කරුණු දැක්වීම අනුව හමුදා මේජර්ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙසද හබරණ පොලීසියට කැකිරාව අධිකරණය විසින් නියෝග කර තිබුණි.
මේ අනුව අද පෙරවරුවේ හමුදා මේජර් ජනරාල්වරයා පොලීසියට පැමිණි භාර වූ බවත් ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Deepal Nirosh Thursday, 01 July 2021 02:52 PM
උදේ අරුණෝදයට කිව්වෙ අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝගයක් ලැබිල නැහැ කියල. කියනකොටම විත්තිකරු පස්සා දොරින් ඇවිත් පොලිසියට භාරවෙලා. මේජර්, ඩීඅයිජී, ඕඅයිසී, මාධ්‍ය සංඛ බැලින්නම් එකම බෝට්ටුවෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
