කෝවිඩ් 19 වෛරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතෙන් පිටතදි තනි අගයක රෝගීන් වාර්තාවීමක් සිදුව තිබේ. බ්‍රහස්පතින්දා දිනයේදී හුබෙයි පළාතෙන් පිටත වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.
කෙසේ වෙතත් බ්රහස්පතිත්දා දිනයේදී චීනයෙන් වාර්තා වී සමස්ත රෝගීන් සංඛ්‍යාව 327ක් වෙයි.
බ්‍රහස්පතින්දා දිනයේදී නව මරණ 44ක් වාර්තා වෙමින් චීනයේ සමස්ත මරණ සංඛ්‍යාව 2788ක් දක්වා වර්ධනය වී තිබේ.
ආසාදනය වී ඇති සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 78824ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 36117ක් වෙයි.