ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේදී සැප්තැම්බර් පළමු වැනිදා සිට මුද්දර භාවිත නොකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100 ක මුදලක් හා ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට රුපියල් 250ක මුදලක් හා නැතිවූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500 ක මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අදාළ මුදල් ග්රාම නිලධාරිවරයාට හෝ ප්රා‘දේශීය ලේකම්වරයාට ගෙවා රිසිට්පතක් ලබාගෙන එම රිසිට්පත දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුය.